තම මෝටර් රථයේ හප්පවා කැංගරුවන් 20 දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි තරුණයෙකු ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය සතුන් අතර ඉතා තරුණ වයසේ පසුවන කැංගරුවන් සිටින බව පවසන පොලීසිය, දකුණුදිග සිඩ්නි නගරයේ මාර්ගවල මැරී වැටී සිටි මෙම සතුන්ගේ මළ සිරුරු සොයාගත් බව ඔවුහු පවසති.
ඊට පෙර දින රාත්‍රියේ පැයක වැනි කාලයක් තුළ මෙම තරුණයා තම මෝටර් රථයට මෙම සතුන් යට ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට පත්වූ මෙම තරුණයා, සත්ත්ව හිංසන චෝදනා කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව කියැවෙයි.
එහිදී, නව් සව්ත් වේල්ස් හි නව නීති ප්‍රකාරව කිසිවෙකු මේ ආකාරයෙන් සත්ව හිංසනයක් සිදුකර වැරදිකරුවෙකු වුවහොත්, ඔහු හෝ ඇය වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ ඇ.ඩො.15,000ක දඩයකට යටත් වෙයි.