මොරොක්කෝව ගෙවුණු දින කොවිඩ් වාර්තාවක් පිහිටුවයි


මොරොක්කෝව ගෙවීගිය ඉරිදා දිනයේ වාර්තා කළ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව, පසුගිය මාර්තු මස මුලදී එරට වෛරසය පැතිර යාම ආරම්භ වීමෙන් පසුව මේ දක්වා දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බව කියයි.

එරට වරාය නගරයක කාර්මාන්ත ශාලා පරිශ්‍රයන් ආශ්‍රිතව ආසාදිතයන් විශාල ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබේ.

නව ආසාදිත අගයන් සමග උතුරු අප්‍රිකානු රාජ්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 14,132ක් හා මරණ 234ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.



Recommended Articles