මොරොක්කෝව කොවිඩ් එන්නත්කරණය අරඹයි


චීනයේ සීනොෆාම් වෙතින් පළමු එන්නත් තොගය ලබා ගැනීමෙන් දිනකට පසු මොරොක්කෝව ඊයේ (28දා) රටපුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මොරොක්කෝ හයවැනි මොහොමඩ් රජු විසින් බ්‍රහස්පතින්දා කොවිඩ්-19 එන්නත ලබා ගන්නා ලදී.

වයස අවුරුදු 40ට වැඩි සෞඛ්‍ය වෘත්තිකයන්, පාසල් ගුරුවරුන්, රාජ්‍ය බලධාරීන්, හමුදා සහ වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත ලබාදීමේ වැඩසටහන මූලිකව සිදුවන බවත්, ක්‍රමයෙන් සෙසු ජනගහනය වෙත එන්නත්කරණය ව්‍යාප්ත කරන බවත් මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles