මොරිසන් කොවිඩ් ආසාදිතයි - රැජිනගේ තත්ත්වය යහපත්


ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.

සිඩ්නි නුවර නිවසේ ස්වයං හුදකලාවක රැඳී සිටින ඔස්ට්‍රේලියානු නායකයා කියා සිටියේ, තමා උණ වැනි රෝග ලක්ෂණ අත්විඳින අතර ඉදිරි සතිය තුළ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බවයි.

මේ අතර, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින අතථ්‍ය හමු පැවැත්වීමට තරම් සුවයකින් මේ වනවිට පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.



Recommended Articles