මොන්ටානා ටික්ටොක් තහනම නීතිවිරෝධීයිලු


ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය තුළ ටික්ටොක් තහනමට ලක්කිරීම ව්‍යවස්ථා විරෝධී බව ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සී චිව් පවසයි.

ඒ අනුව, ඇමෙරිකාවේ මෙම තීරණයට එරෙහිව සමාගම නීති මගින් කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරයි.

2024 වසරේ ජනවාරි මාසයේ 01දා සිට ක්‍රියාත්මක මෙම තහනම ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය ප්‍රකාරව ටික්ටොක් සමාගමේ සහ එහි පරිශීලකයන්ගේ අයිතීන් උල්ලංඝනය කරන්නක් බව කියැවේ. ඒ අනුව, ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස උල්ලංඝනය වන බව ප්‍රධාන විධායක නිලධාරීයා පවසයි.



Recommended Articles