මොන්ට් බ්ලැන්ක් හි ග්ලැසියරයක කොටසක් බිඳ වැටීමෙන් අවදානමක් සමග ඉතාලි බලධාරීන් මාර්ග වසා දමා ප්‍රදේශයේ ජනතාවද ඉවත් කර තිබේ.
මීටර 250,000ක් පමණ විශාල මෙම ග්ලැසියර කොටස, ග්‍රෑන්ඩ්ස් ජොරාසස් කඳු මුදුනේ පිහිටි ප්ලැන්පින්සියුස් ග්ලැසියරයෙන් කැඩී යාමේ අවදානමක් පවතින බව බලධාරීහු පවසති.
අසල පිහිටි කෝර්මායුර් නගරාධිපතිවරයා පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කන්ද වෙනස් කරමින් පවතින බවයි.
මොන්ට් බ්ලැන්ක් කඳු පන්තිය බටහිර යුරෝපයේ උසම කඳු පන්තියයි.
ප්‍රංශයේ සහ ඉතාලියේ මීටර් 4,000කට වඩා උස මෙම කඳු පන්ති නැරඹීම සඳහා සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙයි.
ග්ලැසියරයේ කොටසක් දිනකට සෙන්ටිමීටර 50-60 (16in3in) වේගයෙන් පහළට පැමිණෙන බව විශේෂඥයෝ පෙන්වා දෙන අතර, නගරාධිපතිවරයාගේ නියෝගයක් අනුව අවට මාර්ග වසා දැමුණි.