නවසීලන්තයට බලපෑ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් පසුව පුද්ගලයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නවසීලන්තයේ උතුරු දිවයින සුළි කුණාටුවේ දැඩි බලපෑමකට ලක්වූ අතර, එය පෙබරවාරි 12දා රට තුළට ඇතුළු වී එම ප්‍රදේශ පුරා දැවැන්ත විනාශයක් සිදුකර තිබුණි.
නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් පවසා සිටියේ මෙම ශතවර්ෂයේ නවසීලන්තයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය ගේබ්‍රියල් සුළි කුණාටුව බවයි.