මේ අවසානයක් නොව ආරම්භයක් බව සලකන්න - බ්‍රිතාන්‍ය අගමැති


බොහෝ දෙනෙකුට මෙය විශ්මය ජනක බලාපොරොත්තුවක්, කිසි දිනෙක නොපැමිණෙනු ඇතැයි ඔවුන් සිතූ මොහොතක් යැයි යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේය.

වසර 47 ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඊයේ (31දා) රාත්‍රී 11.00ට නිල වශයෙන් සිදුවිය.

"ඇත්ත වශයෙන්ම කාංසාවක් හා අලාභයක් පිළිබඳ හැඟීමක් දැනෙන බොහෝ දෙනෙක් සිටිනවා."

"ඒ වගේම සමස්ත දේශපාලන ගැටුම කිසි විටෙකත් අවසන් නොවනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටින තුන්වැනි පාර්ශ්වයකුත් සිටිනවා."

"ඒ සියලු හැඟීම් මට වැටහී ඇති අතර රජය ලෙස අපගේ කාර්යභාරය, මගේ කාර්යභාරය මේ රට දැන් එකට ගෙන අපව ඉදිරියට ගෙන යාමයි."

"සිය සියලු ශක්තීන් සහ එහි ප්‍රශංසනීය ගුණාංග සඳහා යුරෝපා සංගමය වසර 50ක් පුරා පරිණාමය වී ඇත්තේ තවදුරටත් මේ රටට නොගැලපෙන දිශාවකටයි."

"අද රාත්‍රියේ පැවසිය යුතු වැදගත්ම දෙය නම් මෙය අවසානයක් නොව ආරම්භයක් බවයි. සැබෑ ජාතික පුනර්ජීවනයේ හා වෙනස්වීමේ මොහොතක්." යැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වැඩිදුරටත් පවසා තිබුණි.



Recommended Articles