මෙල්බර්න් හි අගුලු දැමීම් තවත් සතියක් දීර්ඝ කරයි


මෙල්බර්න් නුවර අගුලු දැමීම් දීර්ඝ කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය අවම වශයෙන් තවත් සතියක්වත් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ පවතිනු ඇති බව කියයි.

එහි පාසලක නැවුම් ඩෙල්ටා ප්‍රභේද පොකුරක් මතු වී වේගයෙන් ව්‍යාප්ත වීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා නගරය එහි හයවැනි වසංගත අගුලු දැමීමට පියවර ගත්තේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ නව ආසාදිතයන් 20ක් එහිදී හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම ඇතැම් නොදන්නා මූලාරම්භයන් එක රැයකින් අනාවරණය වීමෙන් පසු අගුලු දැමීම අවම වශයෙන් අගෝස්තු 19දා දක්වා දීර්ඝ කරන බවද හෙතෙම පැවසීය.

"බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය හැකියි." ඔහු පැවසීය.



Recommended Articles