මෙල්බර්න් කොවිඩ් දෙවැනි රැල්ල පසුපස අයථා හැසිරීම්


වික්ටෝරියා ප්‍රාන්තයට විදේශයන්හි සිට පැමිණෙන අය දින 14ක කාලයක් හෝටල් තුළ නිරෝධායනයට ලක්කිරීම සඳහා යොදාගත් කොන්ත්‍රාත් නිලධාරීන් එසේ පැමිණි මගීන් සමග අයථා ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඇතුළු සිය රාජකාරී කාර්යයන් උල්ලංඝනය කිරීමේ සිදුවීම් දෙවැනි කොරෝනා රැල්ල ඇතිවීමට හේතු වී ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් අධිකරණමය ක්‍රියාවලියකටද ගොස් ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථාවල සේවය කළ ඇතැම් කොන්ත්‍රාත් නිලධාරීන් තමන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල වෙයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් බ‍්‍රහස්පතින්දා නිවේදනය කළේ පරීක්ෂණයට සහාය වීම සඳහා ප‍්‍රාන්ත රජය ඩොලර් මිලියන 3ක් ලබාදෙන බවයි. මැයි අග සහ ජුනි මුලදී ආසාදිත සිදුවීම් ගණනාවක් මෙම හෝටල් නිරෝධායන වැඩසටහනේ ආසාදන පාලනය උල්ලංඝනය කිරිම් හා සම්බන්ධ විය හැකි බවයි.

ඔස්ට්‍රේලියාව නව වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා එහි දැඩි දේශසීමා පාලනයේ කොටසක් ලෙස බලධාරීන් රට පුරා හෝටල් ගණනාවක් යොදාගෙන තිබුණි. ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු රජය විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස වෙන් කළ හෝටලයක දින 14ක් නිරෝධායනය විය යුතුය. එහිදී ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් රට තුළට ඇතුළු වීමට අවසර ලැබුණි.



Recommended Articles