මෙක්සිකෝවේ කොරෝනා මරණ ස්පාඤ්ඤයද ඉක්මවයි


මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 5,681ක් සහ තවත් මරණ 741ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 231,770ක් සහ මරණ 28,510ක් බවට පත්ව තිබේ.

මෙම නව මරණ සමග මෙක්සිකෝවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේදී වෛරසයෙන් මියගිය සංඛ්‍යාව වන 28,363ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.



Recommended Articles