මෙක්සිකෝවේ ඩුරැන්ගෝ ප්‍රාන්තයේ අගනගරයෙන් ගුවන්ගත වෙමින් තිබූ ගුවන් යානයක් හදිසියේ අනතුරට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්ත ආණ්ඩුකාර ජෝස් අයිස්පූරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ අනතුරට පත්වන අවස්ථාවේදී යානයේ සිටි පුද්ගලයන් 101 දෙනාගේ ජීවිතවලට හානියක් සිදුව නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉන් 85 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
යානය ගුවන්ගතව මොහොතකට පසු ගුවන් තොටුපොළ ආසන්නයටම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ගුවන් තොටුපොළ බලධාරීන් පවසා සිටියේ යානයේ සිටි පිරිසෙන් 97 දෙනෙකු මගීන් වන අතර, සෙසු පිරිස යානයේ කාර්ය මණ්ඩලය බවයි.
යානය ගුවන්ගත වන අවස්ථාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මෙම අනතුරට හේතුව අයහපත් කාලගුණය බවත්, යානය ගුවන්ගත වන අවස්ථාවේදී දැඩි සුළං තත්ත්වයක් පැවති බවත් ගුවන් තොටුපොළ බලධාරීන් වැඩිදුරටත් පවසයි.