ලොව පුරා රටවල් කොවිඩ්-19 වසංගතයේ ආර්ථික විනාශයෙන් මිදීමට උත්සාහ කරමින් ඇති පසුබිමක මෙක්සිකෝවද ආර්ථිකයද යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් මිශ්‍ර ප්‍රතිඵල අත්විඳින බව විදෙස් වාර්තා පවසයි.
ලෝකයේ 15 වැනි විශාලතම ආර්ථිකය වන මෙක්සිකෝවට විශේෂයෙන් මෙම කාලසීමාව අතිශය දුෂ්කර කාලසීමාවක් වනු ඇති බව කියයි.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයේ ආරම්භයේ සිට වසර දෙකකින් එහි ආර්ථිකයේ තාක්ෂණික වශයෙන් අවපාතයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
කොවිඩ්-19 වසංගතයෙන් රටේ ආර්ථිකයට දැඩි ලෙස පහර වැදී ඇති අතර 2020 දී එරට ආර්ථිකය 8.3%කින් හැකිලී ගිය නමුත් 2021දී ඇස්තමේන්තුගත 6.2%කින් එය යථා තත්ත්වයට පත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. කෙසේ වෙතත් IMF අනුව 2022 දී 4% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.