මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22ක් මිලදී ගැනීමට


මෙක්සිකෝව චීනයේ සීනොවැක් සහ සීනොෆාම් වෙතින් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 22ක් මිලදී ගන්නා බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් ඊයේ (09දා) පැවසීය.

මෙක්සිකෝව තුළ අවසරය ලැබීමෙන් පසු සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 12කට අමතරව, සීනෝවාක් එන්නත් මාත්‍රා මිලියන 10ක් මිලදී ගන්නා බව එබ්‍රාඩ් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.



Recommended Articles