මෙක්සිකෝව චීන එන්නත් මිලියන 20ක් ගැනීමට යයි


කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 20ක් මිලදී ගැනීම සඳහා මෙක්සිකෝව ඊයේ (16දා) චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මන්ගග්වා, උප ජනාධිපති කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා ඇතුළු රජයේ නිලධාරීන් සහ සිම්බාබ්වේ චීන තානාපති ගුඕ ෂෝචුන් යන මහත්වරු මෙම එන්නත් තොගය භාරදීමේ උත්සවයට සහභාගී වූහ.



Recommended Articles