මෙක්සිකෝ රෝලර්කෝස්ටර් අනතුරෙන් දෙදෙනෙක් මරු දකී


මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි හිදී රෝලර් කෝස්ටරයක් පීලි පැනීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලා ෆෙරියා චැපුල්ටෙපෙක් වින්දන උද්‍යානයේ සිදුවූ අනතුරකින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, උද්‍යානයේ චයිමේරා රෝලර්කෝස්ටරයේ අවසන් කරත්තයෙන් මියගිය අය වැටී ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූ විගසම ජනප්‍රිය උද්‍යානය වසා දමා ඇති අතර, පීලි පැනීමට හේතුව බලධාරීන් විසින් විමර්ශනය කරමින් තිබේ.

කෙසේ වෙතත්, මෙම භයානක අනතුර ගැන දැඩිව කම්පාවට පත්වන බවත්, එය අදාළ බලධාරීන් සමඟ විමර්ශනය කරමින් සිටින බවත් වින්දන උද්‍යානයේ පාලනාධිකාරිය පවසයි.



Recommended Articles