මෙක්සිකෝ මැතිවරණ ඇරඹෙයි ජනයා වෙනසක් අපේක්ෂාවෙන්


මෙක්සිකෝවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය අද දිනයේදී ආරම්භ වෙයි.

දූෂණයට වැට බඳින බවට ප්‍රතිඥා දී ඇති මෙක්සිකෝ සිටි හිටපු නගරාධිපති සහ වාමාංශික පක්ෂයේ අපේක්ෂක ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මෙවර මැතිවරණයේ වැඩි බලාපොරොත්තු තැබූ අපේක්ෂකයා බවට පත්ව සිටී.

යම් ලෙසකින් මෙවර මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළහොත් ශතවර්ෂයකට ආසන්න කාලයක් මෙක්සිකෝව පාලනය කළ ප්‍රබලතම පක්ෂ දෙක පරාජයට පත්වීමද ඉතිහාසගත වන සිදුවීමක් වනු ඇත.

එය එසේ වුවද්, දශක කිහිපයකට පසුව මෙක්සිකෝව තුළ සිදුවන දරුණුතම ප්‍රචණ්ඩක්‍රියා මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භයත් සමග වාර්තා වන බැවින් සාධාරණය මැතිවරණයක් පැවැත්වේ දැයි යන සැකයද බොහෝදෙනා තුළ මතුව තිබේ.

මෙක්සිකෝ මැතිවරණයේ සෙසු ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ජෝස් අන්තෝනියෝ සහ රිකාඩෝ අනායා ය.

කෙසේ වෙතත්, මෙවර ඡන්ද දායකයන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තුව සිටින බැවින් යම් වෙනසක් මෙක්සිකෝව තුළ සිදුවිය හැකි බව මැතිවරණ නිරීක්ෂකයෝ දැනටමත් සඳහන් කරති.



Recommended Articles