මෙක්සිකොවේ ගිනිකෙළි ගබඩාවක ඇති වූ පිපිරීමකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ටුල්ටෙපෙක් නගරයේ පිහිටි මෙම ගබඩා සංකීර්ණය වෙත ගිනි නිවන හමුදා ළඟා වීමෙන් පසුව එහි විශාල පිපිරීම් කිහිපයක්ම සිදුව තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් පිපිරීමට ගොදුරුවූවන් අතර ගිනි නිවන භටයන් සිව්දෙනෙකු සහ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සිටින බවද බලධාරීහු පවසති. එමෙන්ම, පිපිරීමෙන් බාල වයස්කරුවෙකුටද තුවාල සිදුව ඇත.
මෙක්සිකෝ සිටි අගනගරයෙන් කිලෝමීටර් 30ක් පමණ ඔබ්බෙන් පිහිටි මෙම නගරය, මෙක්සිකෝවේ තාප තාක්ෂණ නගරය යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙයි.