මෙක්සිකෝ කොවිඩ් මරණ හා ආසාදන වැඩිම දිනයක්


මෙක්සිකෝව ඊයේ (01දා) දිනයේ වැඩිම නව කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 9,556ක් තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 434,193ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම වෛරසය හා සම්බන්ධ මරණ එදින 784ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව  47,472ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙක්සිකෝව එක්සත් රාජධානියේදී සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අභිභවා මේ වනවිට ලොව වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සිදුව ඇති තුන්වැනි රට බවට පත්ව ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.



Recommended Articles