මෙක්සිකෝ ආණ්ඩුකාරවරියක් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට


මෙක්සිකෝවේ මධ්‍යම පුවෙබ්ලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණ්ඩුකාර ධුරයට පත්ව දින කිහිපයකින් මෙම අනතුර සිදුවී ඇති අතර, ඇය සමග යානයේ ගමන් කළ ඇගේ ස්වාමියා වන සෙනට් සභික රෆායෙල් මොරේනෝ වෝලේ ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පුවෙබ්ලා ප්‍රාන්තයේ අගනගරයේ සිට ගුවන් ගත වූ හෙලිකොප්ටර් යානයක් ඉන් සුළු මොහොතකට පසුව කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා වෙයි.

45 වැනි වියෙහි පසුවන අලොන්සෝ දැඩි තරගයකින් පසුව පුවෙබ්ලා ප්‍රාන්තයේ ප්‍රථම කාන්තා ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත් විය.

ඇය මධ්‍ය දක්ෂිණාංශික පී.ඒ.එන්. පක්ෂයේ සාමාජිකාවකි.

මෙක්සිකෝවේ නව ජනාධිපති අන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මෙම මරණය තහවුරු කර තිබේ.



Recommended Articles