මෙක්සිකානු මත් රජා එල් චැපෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට


මෙක්සිකානු කුඩු රාජා ලෙස සැලකෙන එල් චැපෝ හෙවත් ගුස්මාන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සමග තවත් වසර 30ක සිරදඬුවමක් පැනවීමට ඇමෙරිකානු අධිකරණයක් කටයුතු කර තිබේ.

62 හැවිරිදි වියේ පසුවන ගුස්මාන් චෝදනා 10ක් යටතේ වරදකරු වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කළු සල්ලි සුදු කිරීම ආදිය ඊට අයත් බව නිව්යෝක් ෆෙඩරල් අධිකරණය තීරණය කළේය.

2015 වසරේදී මෙක්සිකෝවේ සිර කඳවුරක සිටියදී පොළොව යට උමඟක් හරා ඉන් පළාගිය ගුස්මාන්, පසුව යළිත් අත්අඩංගුවට පත්වූ අතර, 2017 වසරේදී ඔහුව ඇමෙරිකාවට පිටුවහල් කළේය.

සිනාලෝආ මත් ජාවාරම් කල්ලියේ හිටපු නායකයාද ඔහු ගුස්මාන්ය. මෙම මත් ජාවාරම් කල්ලිය එක්සත් ජනපදය වෙත වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන කණ්ඩායම ලෙස සැලකෙයි.  



Recommended Articles