මුහුණ වැසෙන ආකාරයේ පැළඳුම් පොදු ස්ථානවල ඇඟලා සිටීමට එරෙහිව ඩෙන්මාර්කය පැනවූ තහනම පසුගිය බදාදා සිට ක්‍රියාත්මක වීමත් සමග එහි ප්‍රථම පුද්ගලයා නීතියේ රැහැනට කොටුවී තිබේ.
ඩෙන්මාර්ක මාධ්‍ය පවසා සිටියේ 28 හැවිරිදි මුස්ලිම් කාන්තාවක පැළඳ සිටි නිකාබ් පැළඳුමක් ගලවා දමන ලෙස පොලීසිය පැවසීමේදී ඇය එය ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ අනුව, අදාළ කාන්තාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
එරට මානව හිමිකම් සංවිධාන මීට එරෙහිව චෝදනා නැගුවත්, වර්තමානයේදී යුරෝපයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අරමුණින් හා මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව ඩෙන්මාර්කය පවසයි.
මෙම වසර මුලදී මීට අදාළ ඡන්ද විමසීමක් ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේදී සිදුවූ අතර, එම ඡන්ද විමසීමෙන් අදාළ නීතිය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන්ද සම්මත විය.
එහිදී, බුර්කා සහ නාඛාබ් යන නම්වලින් මෙම හිස් පළඳනා හැඳින්වීමක් නොකළද, යම් අයෙකු තම මුහුණ ආවරණය වන පැළඳුමක් පොදු ස්ථානවල පැළඳ සිටීම දඩ මුදලක් සමග නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත්විය.