මුමාබායි කොවිඩ් ආසාදිතයන් වූහාන් ආසදිත අගය පසුකරයි


නව කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වූ ධනාත්මක ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරය විසින් ඉක්මවා ඇති බව මුම්බායි මහජන සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කරයි.

මුම්බායි මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අඟහරුවාදා වනවිට මුම්බායි හි ධනාත්මක නව කොරෝනා වෛරස ආසාදිතයන් 50,878ක් වාර්තා වී තිබේ.

වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති චීනයේ වූහාන් සෞඛ්‍ය කොමිසම පවසන ආකාරයට ජුනි 9 වනවිට වූහාන් නගරයේ ධනාත්මක ආසාදිතයන් වාර්තා වී තිබුණේ 50,340ක් පමණි.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (11දා) අලුයම වනවිට ඉන්දියාව විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 276,583ක් වාර්තා කර ඇති අතර, වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වී තිබුණේ 84,199ක් පමණි.



Recommended Articles