මුම්බායි නගරයේ හරිත වන ලැහැබක් ඇති ස්ථානයක ගස් කපා දැමීමට එරෙහිව ජනතාව විරෝධය දැක්වීමත් සමග එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව අත්හිටුවීමට බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඇරේ කොලොනි ලෙස ප්‍රකට මෙම ස්ථානයේ පැවති වෘක්ෂලතා කපා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණේ, මුම්බායි හි නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවට පෙර සිටම මුම්බායි වැසියන් දැඩි විරෝධයක් දක්වමින් මෙම කලාපය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ලෙස ඉල්ලා අධිකරණයට ගොස් තිබුණි.
නමුත්, අධිකරණය පසුගියදා එම පෙත්සම ඉවත දැමූ අතර, මේ සමගම අදාළ ව්‍යාපෘතිය සඳහා ගස් කැපීම ආරම්භ විය.
නමුත්, එම ස්ථානයට පැමිණි වැසියන් පොලීසිය සමගද ගැටුමක් ඇතිකර ගෙන තිබුණු අතර, ඇතැම් දෙනා බිම ඇද දැමූ ගස් වැළඳගෙන හඬන ආකාරයද ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කෙරිණි.
මේ සමග යළිත් මෙම ගස් කැපීම නවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලධාරීන්ට නියෝග කෙරිණි.