ඉන්දියාවේ මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.
ගින්න 3 වැනි මට්ටමේ (ප්රධාන) ගින්නක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට ගිනි නිවන රථ 13ක් යෙදවිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එය විදුලි කාන්දුවක් විය හැකි බවට විශ්වාස කරයි. එසේම, ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ පද්ධතිය ක්රියාත්මක වී නොමැත.