මුම්බායි ගොඩනැගිල්ලක් කඩාවැටී 40ක් සිරවෙයි - මුදාගැනීම් තවමත්


ඉන්දියාවේ, මුම්බායි නගරයේ මහල් හතරක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 40ක් පමණ ඒ තුළ සිරවී සිටින බව පැවසෙයි.

දකුණුදිග මුම්බායි හි ඩොන්ග්‍රි පළාතේ පිහිටි මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් පැහැදිලි නැතත්, මෙම අනතුරින් මියගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳවද නිශ්චිත තොරතුරක් වාර්තා නොවෙයි.

වාර්තාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවයි.

ඒ අනුව, මේ දනවල ඇද හැලුණු මෝසම් වැසි තත්ත්වය මෙම අනතුරට හේතුව වන්නට ඇති බව විශ්වාස කරෙයි.

ගිනි නිවන හුමදාව, ජාතික ආපදා ආයතනය යන ආයතනය සුන්බුන් අතර සිරවී සිටින ජනතාව බේරාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.



Recommended Articles