සිම්බාබ්වේ රාජ්‍ය තුළ දීර්ඝ කාලයක් බලයේ සිටි රොබට් මුගාබේ යුගය අවසන් කරමින් නව යුගයක් කරා රට මෙහෙයවන ජනපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණ ආරම්භ වී තිබේ.
දශක හතරක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ එරට ප්‍රථම ජනපති මුගාවේ පසුගිය වසරේදී සිය ධුරයෙන් පහ කරනු ලැබීමෙන් පසු හිස්වූ ජනපති ධුරය සඳහා මැතිවරණය පැවැත්වෙයි.
මෙම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන අපේක්ෂකත්වය දරන්නේ මුගාබේගෙන් පසු තාවකාලිකව එරට ජනපති ධුරයට පත් එමර්සන් ම්නන්ගග්වාය.
ඔහු පාලක සානු-පීඑෆ් පක්ෂය නියෝජනය කරමින් තරග බිමේ සිටින අතර, විරුද්ධ පක්ෂ නායක නෙල්සන් චාමිසා තවත් ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස තරග කරයි.
මේ වනවිටත් වාර්තා වන පූර්ව ඡන්ද ප්‍රතිඵලවලට අනුව ම්නන්ගග්වා 75%ක පමණ දැවැන්ත ජයග්‍රහණයක් හඹා යන අතර, 40 හැවිරිදි වියේ පසුවන එම්.ඩී.සී, පක්ෂයේ අපෙක්ෂක හා විපක්ෂ නායකයට ඒ ආසන්නයටවත් පැමිණීමට නොහැකි වී තිබේ.
මේ අතර, මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී මුගාබේ පවසා සිටියේ තම ඡන්දය තම අනුප්‍රාප්තිකයාට හිමි නොවන බවයි.
මෙවර මැතිවරණයේදී මුල් වරට ඡන්දය පාවිච්චි කරන්නන්ගේ ඡන්ද පදනම විශේෂයෙන් සලකා බැලෙන අතර, සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා වයස අවුරුදු 35 ට අඩු වයසේ පසුවන්නන් බව කියැවෙයි.