මුඛ ආවරණයක් පැලඳීම යනු දේශප්‍රේමී ක්‍රියාවක් - බයිඩන්


ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන්, ජනපති ට්‍රම්ප්ගෙන් වෙනස්ම මගක් ගනිමින් ජනතාවට මුඛ ආවරණ පැලඳීමට දිරිමත් කිරීමේ උත්සාහය අඛණ්ඩව නිරත වෙයි.

ඇමෙරිකානු නිදහස් දින සැමරුමේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බයිඩන් කියා සිටියේ, "මේ මොහොතේ ඔබට කළ හැකි වඩාත්ම දේශප්‍රේමී දේවලින් එකක් වන්නේ මුඛ ආවරණයක් පැලඳීමයි" යනුවෙනි.

එමෙන්ම තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත්වුවහොත් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරන බවද ජෝ බයිඩන් කියා සිටියේ, මේ අවස්ථාවේදී රට පත්ව ඇති තත්ත්වයට වත්මන ජනපතිවරයා වගකිව යුතු බවද අවධාරණය කරමිනි.

මුඛ ආවරණයක් පැලඳීම සම්බන්ධයෙන් හිටපු උප ජනාධිපති බයිඩන් සමච්චලයට ලක්කිරීමට ට්‍රම්ප් කටයුතු කිරිම සම්බන්ධයෙන්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගිය මැයි මාසයේදී බයිඩන් කියා සිටියේ ට්‍රම්ප් උපන්ගෙයි මෝඩයෙකු බවයි.



Recommended Articles