මුඛ ආවරණයක් පැලඳ සිටින ඡායාරූපයක් ට්‍රම්ප් ට්විට්කරයි


ජනාධිපති ට්‍රම්ප් සඳුදා තමා මුඛ ආවරණයක් පැළඳ සිටින ඡායාරූපයක් ට්වීට් කරමින් කියා සිටියේ, "ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා." යනුවෙනි.

"ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!" ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

මෙම ඡායාරූපය ගෙන තිබුණේ පසුගිය ජූලි 11 වැනි දින වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ගිය ගමනේදීය. ජනාධිපතිවරයා රූපවාහිනී කැමරා ඉදිරිපිට මුඛ ආවරණයක් පැලඳ සිටි එකම අවස්ථාව මෙයයි.

ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳීමට ට්‍රම්ප් එකඟ කරවා ගැනීම ඔහුගේ සහායකයන්ගේ දැඩි ආයාචනයක ප්‍රතිඵලයක් බව විදෙස් වාර්තා මීට පෙරද සඳහන් කළ අතර, සංචාරයන්හිදී මුඛ ආවරණයක් පැලඳ තම ආධාරකරුවන්ට ආදර්ශයක් සපයන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (21දා) අලුයම වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,823,763ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 140,957ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles