බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ එරට බ්‍රසීලියා අගනුවර එළිමහනේ සිටින සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැලඳීමේ නීතිරීති අනිවාර්යයෙන් පිලිපැදිය යුතු බවට බ්‍රසීලයේ ෆෙඩරල් අධිකරණයක් නියෝග කර තිබේ.
මෙම නියෝගය පනවමින් විනිසුරුවරයා කියා සිටියේ, "ජාතික කැලඹීමක් ඇති කළ රෝගයක් වෙත බොල්සොනාරෝ විසින් වෙනත් පුද්ගලයින්ද නිරාවරණය කර තිබෙනවා" යනුවෙනි.
මෑත සති අන්තවල බොල්සොනාරෝ විවිධ මහජන රැස්වීම්වලට මුඛ ආවණයක් නොමැතිව සහභාගී වන ආකාරය දැකීමෙන් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
රටේ කොංග්‍රසයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධය පළ කරන ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් සමග එක්වී සිටින විට මෙන්ම, එළිමහන් ආහාර වෙළෙඳ සැල්වල ඇවිදින විටද ඔහු මුඛ ආවරණයක් පැළඳ නොසිටියේය.
බ්‍රසීලයේ ෆෙඩරල් නීති යටතේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳිය යුතුය. ඊට අනුකූල වීමට අපොහොසත් වන්නෙකු දිනකට ඇ.ඩොලර් 390ක දඩයකට යටත් වෙයි.
නව කොරෝනා රෝගය පුංචි උණක් ලෙස සැලකූ වගකීමෙන් තොර බ්‍රසීල නායකයාගේ මෙම මුග්ද ක්‍රියාකලාපය අවසානයේදී එරට අධිකරණයටම පාලනය කිරීමට සිදුව ඇති අතර, ජනතාව මිලියනයක් ඉක්මවා ආසාදනය වී, දහස් ගණනින් මියැදුණද ඔහුට තවමත් ඒ ගැන වගේ වගක් නැති බව බ්‍රසීල මාධ්‍ය පෙන්වා දෙයි.