මුඛ ආවරණ හිඟය මඩින්න බීජිං හි දින 7කින් කර්මාන්ත ශාලාවක්


නව කොරෝන වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා මුඛ ආවරණ වඩාත් අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ උපාංගයක් වී ඇති බැවින්, දින 7ක් තුළ බීජිං නුවරදී තවත් මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.

සෙනසුරාදා මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් අවසන්ව තිබුණු අතර, මේ හරහා මසකට මුඛ ආවරණ මිලියන ගණනක් නිෂ්පාදනය කළ හැකි බව චීන මාධ්‍ය පවසයි. එමෙන්ම මෙය ඉදිකිරීම සඳහා යෝජනාව ඉදිරිපත් වී දින 4ක් තුළ එහි ඉදිකිරීම්ද ආරම්භ කර තිබුණි.

ගිනිකොනදිග බීජිං හි යිෂුවාං ආර්ථික-තාක්‍ෂණික සංවර්ධන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නව කර්මාන්ත ශාලාව, වෛරසයට එරෙහි චීනයේ සටනේ වැඩිම අවශ්‍යතාවක් වන මුඛ ආවරණ ඉල්ලුම සපුරාලීම සඳහා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles