කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ශල්‍ය මුඛ ආවරණ බහුලව යොදා ගැනෙන බැවින් චීනයේ ඒවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිවාඩු කාලය පවා අවලංගු කරමින් සිය සැපයුම අඛණ්ඩව ලබාදීමට යුහුසුළුව සිටියි.
විශේෂයෙන්ම නිරිතදිග චීනයේ චොංකිං හි නැනන් දිස්ත්‍රික්කයේ වෛද්‍ය උපකරණ සමාගමක මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ කාර්ය මණ්ඩලය සිය නිවාඩු කාලය තුළ පවා සේවයේ යෙදෙමින් සිටින ආකාරය චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරතව සිටින චීන රජයට අවශ්‍ය සහාය ලබාදෙමින්, වෛරසය පාලනය හා වැළැක්වීමට අවශ්‍ය මෙම වෛද්‍ය මෙවලම් අඛණ්ඩව සැපයීම තම අරමුණ වී ඇති බව අදාළ සමාගම් පවසයි.
ඒ අනුව, චීන නව අවුරුදු සමයේ සියලු චීන ජාතිකයන් බුක්ති විඳින සාමාන්‍ය නිවාඩු කාලයද කැප කර ඇති ඔවුන්, අමතර අතිකාල සේවා මුරද යොදා ගනිමින් එකී නිෂ්පාදනය අඛණ්ඩව සැපයීමට වෙහෙසන බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.