මීළඟ බ්‍රිතාන්‍ය අගමැති සටනේ ට්‍රස් ඉදිරියෙන්ලු


බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති වීමේ තරගයේදී බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලීස් ට්‍රස් සිය ප්‍රතිවාදියා වන රිෂී සුනක්ට වඩා 22%ක් ඉදිරියෙන් සිටින බව Opinium Research විසින් කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින්ගේ මත විමසුමකින් පෙන්වා දුන්නේය.

දැනට පැවැත්වෙන නායකත්ව මැතිවරණයේදී තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි තීරණය කළ පක්ෂ සාමාජිකයින් 450දෙනෙකුගේ නියැදියක් අතර අනෙකුත් ඡන්ද විමසීම්වලින්ද පැහැදිලි ඉදිරියෙන් සිටින ට්‍රස්ගේ ප්‍රතිශතය 61%ක් ලෙසද, හිටපු මුදල් අමාත්‍ය සුනාක් 39%ක් ලෙසද දැක්විණි.

200,000 ක් පමණ වන පාලක කොන්සර්වේටිව් සාමාජිකයින් අගමැති බොරිස් ජොන්සන් වෙනුවට ආදේශකයක් තීරණය කිරීමට ඡන්දය ප්‍රකාශ කරමින් සිටින අතර, ජොන්සන් තමාට එරෙහිව ආ විරෝධතා සමග ජූලි මාසයේදී ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.



Recommended Articles