යුක්රේන දේශසීමාව ආසන්නයේ ගම්මානයක පිපිරීම් ඇති කළ මිසයිලය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි පෝලන්තයේ නොමැති බව ජනාධිපති අන්ඩ්රෙසෙජ් ඩූඩා ප්‍රකාශ කළේය.
"මෙම මිසයිලය දියත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට අපට නිශ්චිත සාක්ෂි නැහැ. එය බොහෝ විට රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් විය හැකි නමුත් මේ සියල්ල තවමත් විමර්ශනය වෙමින් පවතිනවා" ඩූඩා වාර්තාකරුවන්ට පැවසීය.
පෝලන්ත අග්‍රාමාත්‍ය මැටේවුස් මොරාවිකී මීට පෙර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පෝලන්තය පිපිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ විමර්ශනයක් සිදුකරන බවය.
නේටෝ හමුදා සන්ධාන ගිවිසුමේ 4 වැනි වගන්තිය යටතේ උපදේශන ඉල්ලා සිටීමේ හැකියාව පෝලන්තය අධ්‍යයනය කරමින් සිටින බව තහවුරු කළ බැවින්, පෝලන්තය සිය ගුවන් අවකාශයේ නිරීක්ෂණ වැඩි කිරීමට තීරණය කර ඇති බව මොරාවිකි වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා මිත්‍ර පාක්ෂිකයින් හමුවීමෙන් පසු ප්‍රකාශ කළේ පෝලන්ත භූමියට පහර දුන් මිසයිල ප්‍රහාරයේදී හරියටම සිදුවූයේ කුමක්ද සොයා බැලීමට පෝලන්තයට සහාය දෙන නමුත් මූලික තොරතුරු අනුව එය බොහෝ විට රුසියාවෙන් වෙඩි තැබූ එකක් නොවන බවය.