මිලාන් ගොඩනැගිල්ලක් වෙත යානයක් කඩා වැටී මරණ 8ක්


උතුරු ඉතාලියේ මිලාන් නගරයට නුදුරින් පිහිටි හිස් ගොඩනැගිල්ලකට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙම ගුවන් යානය නගරයේ ලිනේට් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී ඇති අතර එය සාඩීනියා බලා යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.

තදාසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසලදී මෙම අනතුර සිදුවී ඇත්තේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලේ යානය ගැටීමෙනි.

මෙම අනතුරින් රුමේනියානු ජාතික ධන කුවේරයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා සමග තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.



Recommended Articles