මියන්මාරයේදී ෂී ජින්පිං නම ෆේස්බුක් හි වැරදි පරිවර්තනයක


චීන ජනාධිපති ෂී ජින්පිංගේ නම මියන්මාර භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී සිදුව ඇති දෝෂය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාව අයැද තිබේ.

ෂී ජින්පිං මියන්මාර රාජ්‍ය සංචාරයේ දෙවැනි දිනය අතරතුර පරිවර්තන දෝෂය අනාවරණය විය.

ද්විපාර්ශ්වීය සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ෂී ජින්පිං පසුගිය සෙනසුරාදා මියන්මාරයේ නායක අවුන් සාන් සූ කී හමුවිය.

ඔවුන්ගේ හමුවීම පිළිබඳ මියන්මාර ෆේස්බුක් පෝස්ට්වල චීන නායකයාගේ නම ඉංග්‍රීසියෙන් වැරදි ලෙස පරිවර්තනය කර තිබී ඇත.

සූ කී සහ ඇයගේ කාර්යාලයේ නිල ගිණුම්වල හුවමාරු වූ ෆේස්බුක් පෝස් වල ඔහුගේ නම 'ෂිතෝල්' ලෙස දැක්වුණු බව කියයි.

කෙසේ වෙතත් ෆේස්බුක් සෙනසුරාදා ප්‍රකාශයක් කරමින් වැරදි පරිවර්තනය තාක්ෂණික ප්‍රශ්නයක් යැයි පවසා සිය තාක්ෂණික අංශයට දොස් පවරා තිබුණි.



Recommended Articles