මියන්මාරයේ බන්ධනාගාර පිපිරීමකින් 8ක් ජීවිතක්ෂයට


මියන්මාරයේ යැන්ගොන් හි කුප්‍රකට ඉන්සයින් බන්ධනාගාරයේ සිදුවූ පිපිරීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට මාධ්‍ය පැවසුවේ බදාදා උදෑසන බන්ධනාගාරයට ඇතුළු වන ස්ථානයේ පාර්සල් බෝම්බ දෙකක් පුපුරා ගිය අතර, බන්ධනාගාර කාර්ය මණ්ඩලය තිදෙනෙකු සහ අමුත්තන් පස් දෙනෙකු මියගිය බවයි.

ඉන්සයින් බන්ධනාගාරය යනු සිරකරුවන් 10,000ක් පමණ සිටින රටේ විශාලතම බන්ධනාගාරය වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලන සිරකරුවන් වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත. තවත් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු තහවුරු කළහ.

බන්ධනාගාරයේ තැපැල් කාමරය තුළ බෝම්බ පුපුරුවා හැර ඇති බව බලධාරීහු පවසති. පුපුරා නොගිය තවත් බෝම්බයක් ප්ලාස්ටික් බෑගයක ඔතා තිබියදී සොයාගෙන ඇත.

ඝාතනයට ලක්වූ අමුත්තන් පස්දෙනාම කාන්තාවන් සහ සිරකරුවන්ගේ ඥාතීන් බව බලධාරීන් තහවුරු කරයි.



Recommended Articles