මියන්මාරයට තවත් චීන එන්නත් මාත්‍රා මිලියන 4ක්


මියන්මාරය විසින් මිලදී ගත් චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 4ක තවත් එන්නත් තොගයක් එරටට ළඟා වූ බව මියන්මාරයේ චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග ලෙස ලබාදී ඇත.

අද දිනයේ ගතවූ පැය 24 තුළ මියන්මාරයෙන් නව ආසාදිතයන් 1,329ක් වාර්තා වීමෙන් පසු මියන්මාරයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 485,646ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම නව මරණ 42ක් සමග මරණ සංඛ්‍යාව 18,297ක් ලෙස වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles