මියන්මාර භූකම්පනයෙන් මිය ගිය ගණන 1,700 ඉක්මයි


මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,700 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර සුන්බුන් අතර සිරවී සිටින ජනතාව සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන අතර, මෙම සෙවී කටයුතු සඳහා චීන, රුසියානු සහ මියන්මාර සෙවීමේ කණ්ඩායම් එක්ව ඇත.

මෙම සෙවීම් අතරතුරු පැය 76ක් කඩා වැටුනු හෝටලයක ගොඩනැගිල්ලක් මත සිර වී සිටි කාන්තාවෙක් බේරා ගැනීමට කටයුතු කර තිබේ.



Recommended Articles