මියගිය බංග්ලාදේශ ගණිකාවකට ප්‍රථම වරට චාරිත්‍රානුකූල වතාවත්


මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය තුළ මියගිය ගණිකාවකට ප්‍රථම වරට ඉස්ලාමීය ආගමානුකූල චාරිත්‍ර අනුව අවමංගල කටයුතු සිදුකිරීමක් වාර්තා වෙයි.

ලෝකයේ විශාලතම ගණිකා මඩම් පිහිටි ප්‍රදේශයක් ලෙස සැලකෙන ඩවුලාට්ඩියා ප්‍රදේශයේ ජීවත් වූ 65 හැවිරිදි හමීඩා බෙගම් හදිසියේ රෝගාතුර වී පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සිය ජීවිත කාලය තුළ ගණිකා වෘත්තිය සිය ජීවිකාව කරගෙන සිටි ඇයට මේ ආකාරයෙන් ආගමානුකූල ආදාහනයක් පැවැත්වීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් සතුටට පත්ව තිබේ.

එහිදී ඇයට උරුම වූ මේ ඓතිහාසික මොහොත දැකගැනීමට විශාල පිරිසක් ඇගේ දේහය ආදාහනය කළ සුසාන භූමිය වෙත පැමිණ තිබුණි.

ගණිකා වෘත්තිය බංග්ලාදේශය තුළ නීත්‍යානුකූල වුවත්, ඉස්ලාමීය ආගමික නායකයන් විසින් ඔවුන්ගේ ආදාහනයන් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීම මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ වෙනුවට කිසිදු සඳහනක් නොවූ, ආගමික වතාවත්වලින් තොර වූ සුසානයක ඔවුන්ගේ දේහයන් වැළලීම හෝ ඒවා ගංගාවකට වීසි කිරීම මීට පෙර සිදුවිණි.



Recommended Articles