මිනිසුන්ට පෙර ෆේස්බුක් ඉලක්කය ලාභය පමණයි


මිනිසුන් ගැන තැකීමක් නොකරන ෆේස්බුක් සමාගාම මිනිසුන් ඉදිරියට දමා විශාල ලාභයක් උපයන බව ෆේස්බුක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණය කළ හිටපු සේවිකාවක යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසයි.

"ෆේස්බුක් නිසා දරුවන්ට හානි වෙලා. පවුල්වල බෙදීම් අවුල් කරයි. රට රටවල ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වෙලා.  තවත් බොහෝ දේ මේ නිසා සිදුවන බව මා විශ්වාස කරනවා" හිටපු ෆේස්බුක් සේවිකා ෆ්‍රාන්සස් හෝගන් යුරෝපා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර වෙළෙඳපොළ සහ පාරිභෝගික ආරක්ෂණ කමිටුවේ විභාගයකදී පැවසීය.

යුරෝපීය පාර්ලිමේන්තුව මේ වනවිට සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක ඇය කියා සිටියේ, මෙය තාක්ෂණයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය පෙළගැස්වීමට පරාම්පරාවකට පසුව ලැබෙන අවස්ථාවක් බවයි.

මේ වසර මුලදී ෆේස්බුක් අභ්‍යන්තර ලේඛන ගණනාවක් හෙළි කළ ඇය කියා සිටියේ "ආරක්ෂාවට වඩා වර්ධනයට" සමාගම ප්‍රමුඛත්වය දෙන බවට චෝදනා නගමිනි. ඇය දැනටමත් එක්සත් ජනපද කොංග්‍රසය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඉදිරියේ සාක්ෂිදී ඇති අතර, බදාදා පැරිසියේදී ප්‍රංශ නීති සම්පාදකයින් හමුවීමටද නියමිතය.

ෆේස්බුක් සමාගම මෑතකදී මෙටා ලෙස එහි නම වෙනස් කිරීම එහි ව්‍යාපාරික සංස්කෘතියේ බොරු චිත්‍රයක් නිර්මාණය කිරීමක් බවටද හිටපු සේවිකාව චෝදනා කරයි.



Recommended Articles