මිනිස් අවශේෂ අඩංගු සුන්බුන් වූ යාත්‍රාවක් ජපාන වෙරළ තීරයෙන්


ජපානයේ වෙරළ තීරයේ යාත්‍රාවක සුන්බුන් අතර තිබී මළ සිරුරු 5ක් සහ මිනිස් හිස් දෙකක් සොයාගෙන තිබේ.

ජපානයේ සාඩෝ දූපතේ ප්‍රධාන භූමියේ සිට වයඹ දෙසින් වෙරළට ගසාගෙන ගොස් තිබූ මෙම යාත්‍රාව වෙත ප්‍රවේශ වීමට බලධාරීන්ට අද (28දා) හැකිවී තිබේ.

දැඩි ලෙස හානියට පත් යාත්‍රාවේ පැත්තක කොරියානු අක්ෂර පින්තාරු කර ඇති අතර, මියගිය අයගේ සිරුරු අර්ධ වශයෙන් ඇට සැකිලි බවට පත්ව තිබූ බව ජපාන මාධ්‍ය කියයි.

උතුරු කොරියාවෙන් පැමිණි බව විශ්වාස කෙරෙන මෙවැනි යාත්‍රා ජපන් වෙරළ තීරයේ තරමක් පොදු සොයා ගැනීමකි.



Recommended Articles