නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර, පසුගිය සති දෙක තුළ චීනයට ගිය ඕනෑම විදේශිකයෙකුට රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කරමින් තාවකාලික තහනමක් ප්‍රකාශ කර තිබේ.
මේ අතර වෛරසය පැතිරීම ආරම්භ වූ හුබෙයි පළාතේ සිට ආපසු පැමිණෙන එක්සත් ජනපද පුරවැසියන් දින 14ක් නිරෝධායනය කිරීමටද එක්සත් ජනපදය තීරණය කර ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී මතු වූ නව වෛරසය මේ වනව රෝගීන් 11,000කට වඩා වැඩි පිරිසකට ආසාධනය වී ඇති අතර බොහෝ දෙනා චීනයෙන් වාර්තා වෙයි.
මේ අතර චීනයෙන් පිට රටවල් 22ක ආසාදිතයන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඊයේ (31දා) දිනය අවසන් වනවිට චීනයේ කොරෝනා මරණ 259ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අතරින් මරණ 249ක් හුබෙයි පළාතින් වාර්තා වන බවත් චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා කොරෝනා සම්බන්ධයෙන් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළද, හුබෙයි පළාත හර චීනය තුළ අත්‍යවශ්‍ය සංචාර සිදුකිරීම වළක්වන ලෙස සඳහන් නොකළ අතර, චීනය වෛරසය මැඬපැවැත්වීම සඳහා පෙර නොවූවිරූ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද අවධාරණය කළේය.