මැලේසියාවේ නිජිබ් රසාක් යළි බලයට ඒමට සැරසෙයි


ඉදිරි වසර දෙක තුළදී තමා නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වීම නොවැළැක්විය හැකි බවත්, දූෂණ චෝදනාවන් එල්ල කරමින් තමා බලයට පැමිණීම වළක්වන බවත් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසයි.

නජීබ්ගේ එක්සත් මැලේ ජාතික සංවිධානය තුළින් එරට අග්‍රමාත්‍ය ධුරයට පත්විය. කෙසේ වෙතත් ඩොලර් බිලියන ගණනක දූෂණ චෝදනාවක් හේතුවෙන් මීට වසර තුනකට පෙර ඔහු බලයෙන් පහ කෙරිණි.

මෙවැනි තත්ත්වයක් තුළත් නැවත බලයට පැමිණීමට නජීබ් දරන උත්සාය සම්බන්ධයෙන් විරුද්ධ මතධාරීන් බිය පළකර ඇත්තේ අපරාධ චෝදනා එල්ල වී ඇති පක්ෂ නායකයින් නැවත පාලනයට පැමිණීමෙන් තත්ත්වය තවත් උග්‍රවනු අති බවයි.

2018 වන තෙක් වසර 9ක්ම මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නජීබ්, පසුගිය වසරේ දූෂණ චෝදනාවට වරදකරු වී වසර 12ක සිර දඬුවමකට යටත්ව සිටියි. කෙසේ වෙතත් තමාට එල්ල වී ඇති චෝදනාවන් ප්‍රතික්ෂේප කරන නජීබ්, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, දේශපාලන පළිගැනීමක් ලෙස තමාට නඩු පැවරීම ගැන පරීක්ෂණයක්ද ඉල්ලා තිබේ.



Recommended Articles