මැලේසියාව තුළ ජීවතුන් අතර සිටි බවට තොරතුරු වාර්තා වූ එකම සුමාත්‍රා රයිනෝ සත්වයාද සිය දිවි ගමනට සමුදී තිබේ.
25 හැවිරිදි වියේ පසුවූ ගැහැණු සතෙකු වූ මෙම රයිනෝ නම් කර තිබුණේ ඉමාන් ලෙසිනි. මැලේසියාවේ බොර්නිඕ හිදී පිළිකාවක් හේතුවෙන් ඉමාන් මියගිය බව පශු වෛද්‍යවරු පවසති.
මේ අතර, මැලේසියාවේ ජීවත් වූ එකම පිරිමි සුමාත්‍රා රයිනෝ පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්විය.
අතීතයේදී ආසියාව පුරා දැකගත හැකි වූ මෙම සුමාත්‍රා රයිනෝ සතුන් කෙමෙන් වනාන්තරවලින් අතුරුදන් වූ අතර, මේ වනවිට 100කට අඩු සතුන් ප්‍රමාණයක් ජීවත් වන බව විශ්වාස කෙරෙයි.
ඒ අනුව, සුමාත්‍රා රයිනෝ සැලකෙන්නේ වඳවි යාමේ තර්ජනයට දැඩිව නතු වූ සත්වයෙකු ලෙසිනි.