මැලේසියානු සෞඛ්‍ය සේවයට PPE ඇත්තේ සති 2ක් විතරලු


වැඩිපුර මිලදී ගැනීමට හෝ ආධාර වශයෙන් ලබාගැනීමට නොහැකි වුවහොත් මැලේසියාව ඉදිරි පෙළ වෛද්‍ය සේවකයන් සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සති දෙකකින් අවසන් වනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නූර් හිෂාම් අබ්දුල්ලා පවසයි.

සාමාන්‍ය කාලවලට වඩා මේ කාලයේදී මැලේසියානු සෞඛ්‍ය සේවකයන් PPE දෙගුණයක් හෝ 10 ගුණයක් වැඩියෙන් භාවිත කරන බව පැවසූ අබ්දුල්ලා, මෙම ආරක්ෂක උපකරණ පරිත්‍යාග කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ඉල්ලීමක් කළ බවද කියයි. කෙසේ වෙතත්රට තුළ ප්‍රමාණවත් තරම් ශ්වසන ආධාරක උපකරණ (Ventilators) ඇති බව ඔහු පවසයි.

"වැදගත්ම දෙය නම් අපි දිගටම PPE මිලදී ගැනීම කළ යුතුයි. මේ වනවිට අවම වශයෙන් තවත් සති දෙකකටවත් ප්‍රමාණවත් තරම් PPE අප සතුව නැහැ." ඔහු වැඩිදුරටත් පවසයි.



Recommended Articles