මැලේසියානු අගමැති ඉල්ලා අස්වීමට සූදානම් වෙනවාලු


මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින් සිය පාලක සන්ධානය තුළ ඇති වූ ආරවුල් හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වීමෙන් පසු සිය ධුරයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මෙය තහවුරු වුවහොත්, මුහයිඩින්ගේ ඉල්ලා අස්වීම මාස 17ක කලබලකාරී නිල කාලය අවසන් කරන අතර, මැලේසියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම සහ ආර්ථික පසුබෑම සමග තවදුරටත් අවිනිශ්චිතතාව වැඩි කරනු ඇත.

පාර්ලිමේන්තුවේ කිසිවෙකුට පැහැදිලි බහුතර බලයක් නොමැති හෙයින් ඊළඟ ආණ්ඩුව පිහිටුවිය හැක්කේ කාටද යන්න වහාම පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles