මැලේසියාවේ GPS හෙවත්, ෆෙඩරල් රජයට අනුබද්ධ උතුරු බෝර්නියෝ ප්රාන්තයේ සරාවක් හි පදනම් වූ පක්ෂවල සන්ධානය සෙනසුරාදා පැවති මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්රහණයක් ලබමින් සිය ජයග්රහණය යළි තහවුරු කර ගත්තේය.
GPS පක්ෂය ප්රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.
කෙසේ වෙතත් මැලේසියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එක් ආසනයක ප්රතිඵල නිකුත් කිරීම ප්රමාද වී තිබුණි.