මැලේරියා මරණ තුරන් කිරීමේ අරගලය හමුවේ ග්ලැක්සො ස්මිත්ක්ලයින් සමාගම විසින් නිපදවන ලද RTS.S හෝ Mosquirix නමැති එන්නත අප්‍රිකානු දරුවන් සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.
"මැලේරියාව වැළැක්වීම සඳහා දැනට පවතින මෙවලම්වලට අමතරව මෙම එන්නත භාවිත කිරීමෙන් සෑම වසරකම තරුණ ජීවිත දස දහස් ගණනක් බේරා ගත හැකියි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් පැවසීය.
මෙම නිර්දේශය පදනම් වී ඇත්තේ ඝානා, කෙන්යාව සහ මලාවි හි පැවැත්වෙන නියමු වැඩසටහනක ප්‍රතිඵල මත 2019 සිට ළමයින් 800,000කට වැඩි සංඛ්‍යාවක් එන්නත් කිරීමෙන් පසුවය.
සෑම වසරකම ගෝලීය වශයෙන් මිනිසුන් සිය දහස් ගණනක් මරණයට පත් කරන මැලේරියාවට එරෙහි ගෝලීය යුද්ධයේ නවතම සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකාවේ කලාපීය අධ්‍යක්ෂක මට්ෂිඩිසෝ මොයිටි පැවසුවේ මෙම නිර්දේශය "රෝගයේ අධික බර දරා සිටින මහාද්වීපය කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරන" බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, 2018 දී මිලියන 228කට සාපේක්ෂව 2019දී මැලේරියා රෝගීන් මිලියන 229ක් වාර්තා වී තිබේ.
ඇස්තමේන්තුගත මැලේරියා මරණ සංඛ්‍යාව 2019 දී 409,000ක් වූ අතර, 2018 දී මරණ 411,000ක් විය.
මැලේරියා රෝගීන් හා මරණ වලින් 94 % ක් වාර්තා කරන අප්‍රිකාව මෙම රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් කලාපයයි.