මැයි මාසයෙන් පසුව ප්‍රංශයේ ICU රෝගීන් 2,000 ඉක්මවයි


ප්‍රංශයේ පසුගිය මැයි මස 17දායින් පසුව එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,000කට වඩා ඉහළ ගොස් තිබේ.

එරට ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,090ක් එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

එසේම සඳුදා දිනයේ රෝහල් ගත කර ඇති රෝගීන් සංඛ්‍යාව 11,000 සීමාව ඉක්වමින්, 11,640ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා දිනයේ කොරෝනා රෝගීන් 10,897ක් රෝහල් ගතකර තිබේ.

එසේම පසුගිය පැය 24 තුළ ප්‍රංශයේ නව ආසාදිතයන් 13,243ක් වාර්තා වී තිබේ.



Recommended Articles